Gossips

සොරකම්වල නිරතවූ හත්දෙනෙකු අත්අඩංගුවට

සොරකම් සහ කොල්ලකෑම් වල නිරත වූ පුද්ගලයන් හත්දෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල කොට්ඨාශ අපරාධ අංශය අම්බලන්තොට – බැරගම ප්‍රදේශයේදී ඊයේ සිදුකළ වැටලීමකදී මෙලෙස කොල්ලකෑම්වලට සම්බන්ධ අවුරුදු 17 ක තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි 06 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයෙන්.
මොවුන් අවුරුදු 22 සහ 44 අතර වයස්වල පසුවන කොග්ගල සහ බැරගම ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් සතුව තිබී හම්බන්තොට අධිවේගී මාර්ග වැඩබිමෙන් සොරාගත් ග්‍රීස් යන්ත්‍රයක් සහ යකඩ බට කිහිපයක්, පස් තලන යන්ත්‍රයක් සහ ඞීසල් ලීටර 800 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.