මෝටර් රථ බදු ඉහළ නැංවීමට මාර්ගවල රථවාහන තදබදයද හේතුවක් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් ඊයේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මුදල් අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ් එන්ජින් ධාරිතාව 1000 ට නොවැඩි මෝටර් රථවල නිෂ්පාදන බදු ඉහළ නංවා ඇති බවයි.
කෙසේ වෙතත් රටේ අවශ්‍යතාව මත රාජ්‍ය ප්‍රතිපත්ති විටින් විට වෙනස් කිරීමට සිදුවන බවයි අමාත්‍ය කබීර් හෂීම් මෙහිදී ප්‍රකාශ කළේ.