Gossips

පළාත් මැතිවරණය ජනවාරි 05 පැවැත්වීමට එකඟතාවක්

පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි 5 වනදා පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.
අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර මෙම රැස්වීමට එක්වූ සියලූ පක්ෂ නායකයින් පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට එකඟතාවට පැමිණි බවයි.
පසුගිය 20 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණ කොමිසමේ සහ සීමානිර්ණ කොමිසමේ සභාපතිවරුන්ද ලබන වසරේ ජනවාරි මස 5 වනදා ඡන්දය පැවැත්විය හැකි බවට ප්‍රකාශ කර තිබුණා.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ රාත්‍රියේ පැවති මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය සහභාගිවූයේ නැහැ.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ලිපියක් මගින් සිය ස්ථාවරය දැනුම්දුන් බවයි.