Gossips

‘‘ජනබල සේනා’’ අද කොළඹට

ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබල සේනා විරෝධතාව සහ ජන රැළිය කොළඹදී අද පැවැත්වෙනවා.
පස්වරු දෙකට ලිප්ටන් වටරවුමෙන් ආරම්භවන විරෝධතා රැළිය විහාරමහාදේවි උද්‍යානය දක්වා ගමන් කර එහිදී විරෝධතා රැලියක් පැවැත්වීමටද සැළසුම් කර ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේ.
මෙම විරෝධතාව සහ ජන රැළිය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ කොටුව – දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට ද නිරත වුණා.