Gossips

කුවේට් යුවළ රේගු නිලධාරීන්ට පහරදෙන තවත් වීඩියෝ එළියට

කටුනායක ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් 5 දෙනෙකුට කුවේට් ජාතික යුවළක් පහරදීම පිළිබඳ පසුගිය දිනවල දැඩි කතාබහක් මතුවුනා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවලට නඩු විභාගය අවසන් වන තෙක් රටින් පිටවීම ද මේවන විට තහනම් කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව මීගමුව මහේස්ත්‍රාත් සජින්ද්‍රා ජයසූරිය හමුවේ පසුගිය (30) කැදවූ අවස්ථාවේදියි.
එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ ඊට අදාළ පිටපත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසයි.
ලබන මස 10 වන දා යළි ඔවුනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
මෙම යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන රෙගුලාසි යටතේ රදවා ගැනීම හේතුවෙන් ඊට උරණ වූ ඔවුන් බලහත්කාරයෙන් සුනඛයා ද සමඟ ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කිරීම වැළැක්වීමට යාමේදීයි පසුගිය 27 වන දා රේගු නිලධාරීන්ට පහර දී තිබුණා.
ඔවුන් රේගු නිලධාරීන්ට පහරදෙන ආකාරය දැක්වෙන තවත් වීඩියෝ කිහිපයක් මේවන විට නිකුත්වී තිබෙනවා.