Gossips

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් දිවයිනට (ඡායාරූප)

සිව් දින නිළ සංචාරයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ප්‍රැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අද (01) දහවල් ශ්‍රී ලංකාවට දිවයිනට පැමිණියා.
ඇය සමඟ සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පැමිණි බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.
2016 වසරේ මහලේකම් ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
සංචාරය තුලදී ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මීට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මුණ ගැසීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

(ඡායාරූප – ටි.කේ.ජි කපිල )