Gossips

පාතාලයේ පොලිස් නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට

මිනුවන්ගොඩ – දෙවලපොල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගත් අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නමැත්තා වැඩිදුර පරීක්ෂණ සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.
ඒ අනුව මොහු පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පාතාලයේ පොලිස් නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් සහ අයිස් නැමති මත්ද්‍රව්‍යද සමඟයි.
මෙම පුද්ගලයා අමාත්‍ය සරත් ෆොන්සේකා සමග සමීප සබඳතා පවත්වන බවටද පසුගිය දිනවල කථබහට ලක්වුණා.