Gossips

තේ වතු 4 ක කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක (ඡායාරූප)

බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු හතරක කාර්ය මණ්ඩලය අද උද්ඝෝෂණයක නිරතවුනා.
ඒ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ටින්සින් නගරයේදී .
තම වතු සමාගම විසින් මාස 6 ක කාලයක් පුරා තමන්ට හිමි අතිකාල දීමනා ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙම උද්ඝෝෂණයට එක්වී ඇත්තේ.
ප්‍රධාන මාර්ගයේ බිම වැතිර විරෝධතාවයේ නිරතවු වතු නිලධාරීන් පොලිසිය විසින් ඉවත්කර තිබෙනවා.
උද්ඝෝෂණය හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයට අමතර පොලිස් බල ඇණි සහ කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබු බවයි අප වාර්තාකරු කියාසිටියේ.
තමන්ට හිමි අතිකාල දීමනා නොගෙවන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවන බව ද වතු කාර්ය මණ්ඩලය අවධාරණය කර තිබෙනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ