Gossips

තීරණයක් ගන්න අස්ගිරි කාරක සංඝ සභාව රැස්වේ

භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අස්ගිරි කාරක සංඝ සභාව ලබන සතියේ රැස්වනවා.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මල්වතු අස්ගිරි උභයපාර්ශවයට අයත් භික්ෂූන් වහන්සේලා අද මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් බැහැදුටුවා.
භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත මගින් අස්ගිරි – මල්වතු ඇතුළු කාරක සංඝ සභා අභියෝගයට ලක්වන බව අස්ගිරි මහා විහාරයේ පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් ද ඊයේ ප්‍රකාශ කළා.