Gossips

ඇමති ෆොන්සේකා ලඟින් සිටි ‘‘පාතාලයේ පොලිස්’’ අත්අඩංගුවට

ඇමති සරත් ෆොන්සේකා සමග සිටින බවට පසුගියදා චෝදනා එල්ල වූ අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මිනුවන්ගොඩ – දෙවලපොල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.
මොහු සතුව තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 250 ක් ද මෙහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.
මෙම පුද්ගලයා මීට පෙර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් ඇතුළු අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම, මොහුට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
පසුගියදා ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා විල්පත්තුවේ සංචාරය කළ අවස්ථාවේදී ඔහු සමග සිටි බවට චෝදනා එල්ල වුණා.
කෙසේ වෙතත්, අමාත්‍ය සරත් ෆොන්සේකා තමාට එල්ල වන මෙම චෝදනා අවස්ථා කිහිපයකදී ප්‍රතික්ෂේප කරනු ලැබුවේ තමන්ට එවැනි සබදතා නොමැති බවට පවසමින්.