Gossips

ගාමිණී සෙනරත් ඇතුළු සිව් දෙනෙකුට සිතාසි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එළඹෙන 24 වනදා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද සිතාසි නිකුත් කර තිබෙනවා.
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය සාපරාධි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ.
සැකකරුවන්ට විරුද්ධව චෝදනා 24 ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇති අතර, මෙය විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන පළමු නඩුව ද වනවා.