Gossips

පාපුවරුවකින් ඇද වැටී තරුණයෙකු මරුට

වලස්මුල්ල – හක්මන මාර්ගයේ මුදුන මංසන්ධිය ප්‍රදේශයේදී බස් රථයක පා පුවරුවෙන් වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (31) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි හක්මන ප්‍රදේශයේ තරුණයෙක්.
මාතර සිට මිද්දෙණිය බලා ධාවනය කරමින් තිබූ බස් රථයකින් ඇද වැටුණු මොහු අනතුරුව එහි පිටුපස රෝදයට යටවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.