ශ්‍රී ලංකාවට ආවේණික, වද වී යාමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ හඳුනාගෙන එම මත්ස්‍යයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය ආරම්භ කර තිබෙනවා.
ලංකාවේ විවිධ පළාත් ආශ්‍රිතව සිදුකරන ලද සමීක්ෂණයකට අනුව වද වී යාමේ තර්ජනයකට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ 12ක් මේ වන විටත් සංරක්ෂණය කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.