Gossips

විපක්ෂ නායක ධුරය ගැන ආර් සම්බන්ධන්ගෙන් මාධ්‍යයට ප්‍රකාශයක්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ පිළිබඳ විපක්ෂ නායක ආර් සම්බන්ධන් අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදුන්නා.
ඔහු එහිදී කියාසිටියේ විපක්ෂ නායක ධුරය පිළිබඳ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කථානායකවරයා තීරණයක් ගෙන ඇති බවයි.
එකම පක්ෂයක් රජයේ මෙන්ම විපක්ෂයේ ද සාමාජිකත්වය දරන්නේ නම් ඔවුන්ට නිල විපක්ෂය වීමට නොහැකි බව ද ආර් සම්බන්ධන් මෙහිදී පෙන්වා දුන්නා.