Gossips

මැදිරිගිරියේ අක්කර 8000 ක් පුරුක් පණු රෝගයට ගොදුරුවේ

කවුඩුල්ල ජලාශයෙන් පෝෂණය වන මැදිරිගිරියේ කුඹුරු අක්කර 13,000 න් අක්කර 8,000ක් පුරුක් පණු රෝගය හේතුවෙන් විනාශ වී ඇතැයි ගොවීන් පවසනවා.
ගොවීන් කියා සිටියේ මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට මුහුණදී ඇති බවයි.
පුරුක් පණු රෝගය පාලනය සඳහා අවශ්‍ය විධිමත් උපදෙස් ගොවීන්ට ලබාදී ඇති බවයි මැදිරිගිරිය ගොවිජන මධ්‍යස්ථානය සඳහන් කළේ.
එහෙත් තවමත් ගොවීන් කෘෂිරසායන යෙදීමේ ක්‍රමවේදයේ ගැටළු පවතින බව එහි ප්‍රකාශකයෙකු කියා සිටියා.