Gossips

විදේශ මුදල් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව අමරිකානු ඩොලර් තොගයක් නීති විරෝධීව මස්කට් බලා රැගෙන යාමට උත්සාහ කළ ඕමාන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා රැගෙන යාමට උත්සාහ කළ මුදල්වල වටිනාකම රුපියල් එක්කෝටි එකොලොස් ලක්ෂ හැත්තෑ තුන්දහස් හාරසියයක් (11,173,400 ).
මෙම ඕමාන ජාතිකයන් දෙදෙනා තේ වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන් වන අතර ඔවුන් මාසයක කාලයක් සඳහා ලංකාවට පැමිණ තිබූ බව සඳහන්.
වයස අවුරුදු 51 සහ 57 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා සිය ගමන්මලුවල සගවා අමරිකානු ඩොලර් රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා.
ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදීයි මුදල් හමුවී ඇත්තේ.
සැකකාර ඕමාන් ජාතිකයන් දෙදෙනා විමර්ශණ සඳහා ගුවන්තොටුපල රේගුව වෙත භාරදී තිබෙනවා.