Gossips

ඇප ලැබුණු නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු යළි රිමාන්ඩ්

2008 සහ 2009 වසරවලදී කොළඹ ස්ථාන කිහිපයකදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඊයේ ඇප පිට නිදහස් කෙරුණු නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන්.
නඩුව අද යළි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාගයට ගැනුනු අතර, එහිදී නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු පිළිබඳ ඉදිරි පියවර, සාක්ෂි සළකා බැලීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
කරුණු සළකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නඩුව යළි සැප්තැම්බර් 25 වනදා යළි කැඳවීමට නියෝග කළා.