Gossips

රුසියානු ජනපති සහ ඇමරිකානු ජනපති අතර දුරකථන සංවාදයක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.
මෙහිදී මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
පලස්තීන නායක මහමුද් අබ්බාස් සමග මොස්කව් නුවර පැවති විශේෂ සාකච්ඡාවකදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල – පලස්තීන අර්බුදයට නිත්‍ය විසඳුමක් ලබාදීමට ඇමරිකානු ජනාධිපතිවරයාගේද මතය විමසීමට තමන්ට අවශ්‍ය බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගැනීමට විරෝධය පළ කිරීමට රුසියාවේ සහය ලබාගැනීම සඳහා පලස්තීන නායක මහමුද් අබ්බාස් මෙලෙස ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡා කර තිබුණා.