Gossips

මාතර – නාඳුගල ප්‍රදේශයේ විරෝධතාවක් (ඡායාරූප)

මාතර සිට අත්තුඩාව හරහා මාලිම්බඩ දක්වා දිවෙන මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා.
මාතර – තිහගොඩ ප්‍රධාන මාර්ගය, නාදුගල මංසන්ධියෙන් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරතවීම නිසා එම මාර්ගයේ රථ වාහන තදබදයක් ද හට ගත්තා.
මේ අතර, විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යයින් අද එම විදුහල ඉදිරිපිට දී විරෝධතාවක නිරත වුණා.

(ඡායාරූප – අදීශ ආරියතිලක)