Gossips

අරවින්ද සහ අර්ජුන මුදලට තරඟ පාවාදුන් බවට තිලංග කල චෝදනාවේ ඇත්ත එලියට

1994 වසරේදී ඉන්දියාවේ ලක්නව් නුවරදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරඟය එවකට නායක අර්ජුන රණතුංග සහ උප නායක අරවින්ද ද සිල්වා මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පසුගියදා චෝදනා කළා.
නමුත් මේ සිද්ධිය පිළිබඳව සොයා බලන්නට 2001 වසරේදී එවකට ක්‍රිකට් සභාපති වූ තිලංග සුමතිපාල විසින් නීතිඥ ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මහතාගෙන් යුත් ඒක පුද්ගල කමිටුවක් පත් කළා.
එම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මහතා හෙළිකළේ අර්ජුන සහ අරවින්ද මේ චෝදනාවට වැරදිකරුවන් නොවන බවත් ඔවුන් නිර්දෝෂී බවත්ය.
ඔහු මේ වාර්තාව සැකසීම සදහා ඉන්දියාව සහ එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක සංචාරය කර කල ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මහතා එම වාර්තාව සැකසීම සදහා මාස කිහිපයක කාලයක් ගත කර තිබෙනවා.
නමුත් ඔහුට එම වාර්තාව සැකසීමේදී චෝදනාවට ලක්වන ඉන්දීය බුකීකරුවා වන මුකේෂ් ගුප්තා ප්‍රශ්න කර නැහැ. අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම සදහා අර්ජුන සහ අරවින්ද මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබු අතර ඔවුන් මෙම කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබුනේ ඉන්දීය විනිසුරුවන්ගේ දුර්වල තීන්දු හේතුවෙන් එසේ දැවී ගිය බවයි.
කෙසේ වෙතත් තිලංග සුමතිපාල 2001 වසරේදී සභාපති ලෙස ක්‍රියා කරන අවධියේදී ඔහුගේ කමිටුව විසින් චෝදනාවලින් නිදහස් කල අර්ජුන සහ අරවින්ද වසර 17කට පසු යලි වැරදිකරු වුනේ කෙසේ දැයි බරපතල ගැටලුවක්.