Gossips

මාස 7ක දී මිලියන 2080ක, හෙරොයින් අල්ලයි

ඉකුත් මාස 07ක කාලය තුල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී රුපියල් මිලියන 2080ක හෙරොයින් කිලෝ ග්‍රෑම් 173කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
මීට අමතරව කොකේන් කිලෝ 14ක් සොයාගෙන ඇති අතර ඒ සමඟ පුද්ගලයින් 11 දෙනෙකු ද අත්අඅඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
එමෙන්ම ගංජා සහ කේරල ගංජා කිලෝ 3000කට වැඩි ප්‍රමාණයක් සිදුකළ වැටලීම් වලදී සොයාගෙන තිබෙනවා.
බස්නාහිර පළාතේ වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර තිබීම ද විශේෂත්වයක්.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ බස්නාහිර පළාතට නොදැවනි ලෙස උතුරු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම කොළඹ 07 ප්‍රදේශයේ සුවිසල් නිවසක පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කැරෙකේ සමාජශාලාවක් ඊයේ (30) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් වටලා තිබෙනවා.
බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට සූදානම් කර තිබූ බීර කෑන් 130ක් එහි තිබී සොයාගත් බවයි වැටලීමටක එක් වූ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම සමාජ ශාලාව චීන ජාතිකයන්ට පමණක් විවෘත වීමද විශේෂත්වයක්.
මේ අතර, හෙරොයින් මිලිග්‍රෑම් 3යි දශම 8ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද (31) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ මාලිගාකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.
2013 වසරේ ජූලි මස 03 වනදා හෙරොයින් සමඟ මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.