Gossips

බැලිස්ටික් මිසයිලයක් අත්හදා බලන බව ඇමරිකාවෙන් උතුරු කොරියාවට චෝදනා

උතුරු කොරියාව බැලිස්ටික් මිසයිලයක් අත්හදාමින් සිටින බවට ඇමරිකාව චෝදනා කරනවා.
ඇමරිකානු සැටලයිට් පද්ධතියක් ගුවනේ සිට කළ විශේෂ සොදිසියකදීයි මේ පිළිබඳව තොරතුරු ලැබී ඇත්තේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් පසුගිය මස 12 වනදා සිංගප්පූරුවේදී පැවැති සාකච්ඡාවේදී ද යළි න්‍යෂ්ටික සහ බැලිස්ටික් මිසයිල අත්හදා නොලබන බවට එකඟතාවයකට ද එළඹුණා.
එසේ තිබියදී මෙලෙස අධි තාක්ෂික බැලිස්ටික් මිසයිලයක් උතුරු කොරියාව අත්හදා බැලීම අනුමත කළ නොහැකි බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.