Gossips

සංචාරක දර්ශකයේ මුල් රටවල් 5ට ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව, ලෝකයේ සංචාරක කර්මාන්තය සීග්‍රයෙන්ම වර්ධනය වන රටවල් 05 අතරට ඇතුළත් කර තිබෙනවා.
‘ග්ලෝබල් ඩේටා’ සංචාරක දර්ශකය මගින් එම ලැයිස්තුගත කිරීම සිදුකර ඇත්තේ 2017 වසරේ සිට 2021 දක්වා කාලය සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව අයිස්ලන්තය, ජපානය, හංගේරියාව, ශ්‍රී ලංකාව සහ චිලී රාජ්‍යය එලෙස සීග්‍රතම වර්ධනයක් ලබන සංචාරක වෙළඳපොළ 5 ලෙස නම් කරනු ලැබුවා.
සංචාරක කර්මාන්තයේ වාර්ෂික වර්ධන වේගය සියයට 8.7ක් වන ශ්‍රී ලංකාව තරු හතරේ සංචාරක ගමනාන්තයක් ලෙසයි වර්ගීකරණය කර ඇත්තේ.