Gossips

උතුරේ සංවර්ධනය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

උතුරු – නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩ කටයුතු කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පළමුවරට ඊයේ (30) රැස්වුණා.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ එම සංවර්ධන වැඩපිළිවෙල විධිමත් සහ කාර්යක්ෂම කරමින් ජනතාවට කඩිනම් ප්‍රතිලාභ ලබාදිය යුතු බවටයි.