Gossips

ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් 5 කට තුවාල (ඡායාරූප)

ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද පස්වරු 4 ට පමණ බගවන්තලාවේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රී රෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පස් කණ්ඩියක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
තුවාලකරුවන් බගවන්තලාව රෝහලට ඇතුලත් කර ඇති අතර එක් අයෙකුගේ තත්වය බරපතල බව සඳහන්.
ඔහු දික්ඔය රෝහලට මාරුකර යවා තිබෙනවා.
බගවන්තලාව ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යමින් සිටි පිරිසක් රැගත් ත්‍රී රෝද රථයකුයි අනතුරට ලක්වී ඇත්තේ.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ