Gossips

මිරිගල් මත්ස්‍යයින් ලක්ෂ දෙකක් මුදා හැරේ

කාසල්රී සහ මවුස්සාකැළේ ජලාශවලට මිරිගල් වර්ගයේ මත්ස්‍ය පැටවුන් ලක්ෂ දෙකක් අද මුදා හැරුණා.
මෙම මත්ස්‍යයින් මාස 6ක කාලයක් තුළ කිලෝ එකහමාරක්, දෙකත් අතර ප්‍රමාණයකින් වැඩෙන බවයි ජාතික ජලජ ජීවි වගා සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමේ අරමුණින් මෙලෙස මත්ස්‍යයින් ජලාශවලට මුදා හැර තිබෙනවා.