Gossips

ශ්‍රී ලංකා යොවුන් පිළට කඩුලූ 6ක් ජයක්

සංචාරක වයස අවුරුදු 19න් පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ පළමු එක්දින තරඟයෙන් කඩුලූ 6ක ජයක් වාර්තා කළා.
කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද පැවැති මෙම තරඟයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළ පන්දු වාර 38යි පන්දු 4කදී සියළු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 143ක්.
ඉන්දීය යොවුන් පිළ පන්දු වාර 37යි එක් පන්දුවකදී කඩුලූ 4ක් දැවී ලකුණු 144ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.