Gossips

පුහුණු ගුරුවරුන් ගන්න හැටි අගමැති කියයි

ඉදිරියේදී පාසල් සදහා පුහුණු ගුරුවරුන් ලබා නොදෙන්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශයට එරෙහිව අධිකරණය හමුවට ගොස් පුහුණු ගුරුවරු ලබා ගැනීමේ අවස්ථාව දෙමාපියන්ට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ගාල්ල ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමින්.
ගාල්ල – ගිංතොට සහිරා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ තාක්ෂණ විද්‍යා ගොඩනැගිල්ල විදුහල්පති නිල නිවස හා ගුරු විවේකාගාරය අද පස්වරුවේ විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.