Gossips

ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම්

ගුවන් තොටුපළ ප්‍රදේශයේ කිලෝමීටර් 5ක් පමණ වට ප්‍රමාණය තුළ සරුංගල් යැවීම තහනම් කර තිබෙනවා.
ගුවන් තොටුපළ මාධ්‍ය ඒකකය නිවේදනය කළේ සරුංගල් හා එහි නූල් පැටලීමෙන් ගුවන් යානාවල අවර පෙතිවලට හා යානාවල විවිධ කොටස්වලට හානි සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
එම ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සදහන් කරන්නේ.