Gossips

දෙහිවල නිවසකින් හෙරොයින් මත්කුඩු හමුවේ විදේශීය කාන්තාවක් සොයා මෙහෙයුම්

දෙහිවල – ටෙරන්ස් පාරේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 886 ක් අඩංගු පාර්සලයක් ඊයේ සොයාගත්තා.
ඒ, පොලීසියට ලද තොරතුරකට අනුවයි.
බංග්ලාදේශ කාන්තාවක් කුලී පදනම මත මෙම නිවසේ පදිංචිව සිට ඇති බවට අනාවරණ වී ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේ ඇය නිවසේ සිට නැහැ.
මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම කාන්තාව මේ වනවිටත් විදේශ ගතව සිටින බවයි. මෙම වැටලීමෙන් පසු අවට ප්‍රදේශවාසීන් සහ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව විමර්ශන මෙහෙයවන නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියා.