Gossips

විස්සයි විස්ස පෙරමුණට

විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ අනෙකුත් මාදිලි අභිබවා නුදුරේදීම ඉදිරියට පැමිණෙනු ඇතැයි එංගලන්ත එක්දින කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් පවසනවා.
ටෙස්ට්, ක්‍රිකට් ක්‍රීඩාවේ උත්කෘෂ්ඨම අංගය වුවත්, ඉදිරියේදී විස්සයි විස්ස පමණක් ජාත්‍යන්තර තලයේ ඉතිරි වනු ඇති බව ඔහුගේ අදහසයි.
තවමත් වසර 15ක් පමණක් ගත වී ඇති වෘත්තීමය විස්සයි විස්ස ක්‍රිකට් තරඟ හේතුවෙන් එක්දින මෙන්ම ටෙස්ට් ක්‍රිකට් තරඟ අභාවයට යා හැකි බව ද ස්කයි රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් බට්ලර් කියා සිටියා.
එංගලන්තය වෙනුවෙන් විශේෂඥ පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරඟ 18කට සහභාගි වී ඇති ඔහු අවසන් අළුබඳුන තරගාවලිය සඳහා තෝරා ගැනුණේ නැහැ.
එහෙත් ඒ වෙනුවට ජොස් බට්ලර් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියට මෙන්ම ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියට එක්වූ අතර, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ද එක්වනවා.