Gossips

කාත්තාන්කුඩ්යේ දී අනතුරට ලක්ව ප්‍රතිකාර ලැබූ සිසුවා මරුට

විභාගයට පෙනී සිටීම සඳහා යන අතරතුර කාත්තාන්කුඩ්යෙදී අනතුරට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා අද (30) මියගිය බව අප වාර්තාකරු පවසනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ කාත්තාන්කුඩ් ආලිම් අප්පා පාරේ පදිංචි ඒ.පී ඉන්සාෆ් නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙක්.
මෙම සිසුවා උදෑසන පාසලේ දෙවන වාර විභාගයට යමින් සිටියදී කාත්තාන්කුඩ් ප්‍රධාන මාර්ගයේ නතර කර තිබු වෑන් රථයක සිටි රියදුරා දොර විවෘත කිරීමේදී එහි හැප්පි මාර්ගයේ වැටුණු සිසුවා, මාර්ගයේ ගමන් කරමින් සිටි ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
සිද්ධියෙන් බර පතල තුවාල ලැබූ සිසුවා මඩකලපුව ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) ජීවිතක්ෂයට පත් වුණා.
මියගිය සිසුවා කාත්තන්කුඩි ජාතික පාසලේ 9 වැනි වසර ඉගෙනුම ලබනවා.
මෙම සිද්ධිය සම්බන්ධයේ අත්අඩංගුවට ගත් වෑන් රථයේ රියදුරා සහ ත්‍රී රෝද රථයේ රියදුරා ඇප මත නිදහස් කර ඇති බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.
අදාළ සිද්ධිය දැක්වෙන සීසීටීවී දර්ශණ පහතින්.