Gossips

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

සූරියවැව – අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපළ අහිමි වී, මෙතෙක් වන්දි හිමි නොවූ පිරිස් මේ වනවිට සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.
ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ ලබා නොදී මාර්ගය අවහිර කරගෙන සිටින බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
අහිමිවූ තම දේපළ සඳහා වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් මොවුන් පසුගිය මස 19 වනදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 44 ක් ගත වනවා.