Gossips

ව්‍යාජ රන්කැබලි සහ මැණික් ගල් විකිණිම තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ රන් කැබලි සහ මැණික් ගල් විකිණීමට උත්සහ කල පුද්ගලයෙකු අම්පාර – උහන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සතුව තිබු ව්‍යාජ රන් කැබලි 335ක්, මැණික් ගල්වලට සමාන ගල් කැබලි, පෞරාණික පෙනුමැති පිත්තල පහන් සහ සඳුන් දැව කිලෝ 08යි ග්‍රෑම් 369ක් සොයා ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි බොක්කබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.