Gossips

වසර 33 ක් බලයේ සිටි කාම්බෝජ අගමැතිට මහ මැතිවරණයෙන් බහුතර බලයක්

කාම්බෝජ මහ මැතිවරණයෙන් වසර 33 ක් එරට පාලනය කරන අග්‍රාමාත්‍ය හුන් සෙන්ගේ කාම්බෝජ මහජන පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට පාර්ලිමේන්තුවේ ආසන 125 න් 100 ක බලය පාලක පක්ෂය සතුව ඇති බවයි.
මෙවර කාම්බෝජයේ මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ විස්සක්ම ඉදිරිපත් වුවද එරට අගමැතිවරයාට අභියෝග කළ හැකි එකම පක්ෂය වන කාම්බොජෙ ජාතික ගලවාගැනීමේ පක්ෂයේ නායකයා මේ වනවිට පසුවන්නේ සිරගතවයි.
මේ අතර මැතිවරණය පැවැත්වූ කාලසීමාව තුළ එරට සියලූම ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය ජාල අවහිර කොට තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.