Gossips

අමාත්‍යාංශ දෙකක ප්‍රධානීන් කෝප් කමිටුවට

විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සහ විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු විමසීම සඳහා අමාත්‍යාංශ දෙකක ප්‍රධානීන් අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශවල ලේකම්වරුන් මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනාට සහ ආයතනවල සභාපතිවරුන් දෙදෙනාට ලබන මස 7 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන කෝප් කමිටු රැස්වීමට පැමිණෙන ලෙස දැනටමත් ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.
ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරයකින් විදුලිය ලබාගෙන රුපියල් කෝටි 80 කට වඩා වැඩි මුදලක් ගෙවීම සම්බන්ධයෙන් මෙම කමිටුවේදී කරුණු විමසනු ඇති බවයි වාර්තාවන්නේ.