Gossips

කොළඹ කතරගම මාර්ගයේ දැවැන්ත ගසක් කඩා වැටෙයි (ඡායාරූප)

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට තවාලුවිල ප්‍රදේශයේදී මාර්ගය අසල තිබු දැවැන්ත මාර ගසක් කඩා වැටීමෙන් ත්‍රී රෝද රථයකට සහ වෙළඳසැලකට අලාභ හානි සිදුව තිබෙනවා.
දුරකථන රැහැන් කණුවක් ද කඩා වැටී ඇති අතර කිසිවෙකුටත් මෙමගින් හානියක් සිදුව නැහැ.
අද පෙරවරුවේ ගස කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ලවී තිබුනා.
පසුව පොලිසිය, ප්‍රදේශවාසීන් සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්වී ගස ඉවත්කරනු ලැබුවා.
වන්දනාවේ යන ජනතාව නිරන්තරයෙන් ගිමන් හැරීම සඳහා මෙම ස්ථානයේ නතරවන බව අප වාර්තාකරු සඳහන් කළා.
මෙවැනි තවත් අනාරක්ෂිත ගස් කිසිපයක්ම පවතින බැවින් බලධාරීන්ගේ අවදානය ඒ පිළිබඳ යොමුවිය යුතු බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.


ඡායාරූප – අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර / හම්බන්තොට සනත් ගමගේ