දෙහිවල – ටෙරන්ස් පාරේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්රෑම් 886 ක් අඩංගු පාර්සලයක් සොයාගෙන තිබෙනවා.
ඊයේ සොයාගත් මෙම හෙරොයින් පාර්සලය බංග්ලාදේශ කාන්තාවකට අයත් බවට අනාවරණ වී ඇති අතර, නිවස පරීක්ෂා කරන අවස්ථාවේදී ඇය නිවසේ සිට නැහැ.
මෙම කාන්තාව අදාළ නිවස කුලියට ගෙන ජීවත්ව ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.