Gossips

රතු ග්‍රහයා අනිද්දා පෘථිවියට ළං වෙයි

වසර 15කට පසු අඟහරු ග්‍රහයා පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කිරීම අනිද්දා සිදුවනවා.
රාත්‍රී 7 සිට 10 දක්වා කාලය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී මෙය දුරේක්ෂයක් මගින් නැරඹීමට ජනතාවට අවස්ථාව ලබාදී ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියේ.
ඔහු කියා සිටියේ අනිද්දා අඟහරු පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක් ළගින් ගමන් කරන බවයි. මීට පෙර අඟහරු මෙලෙස පෘථිවිය ආසන්නයෙන් ගමන් කර ඇත්තේ 2003 වසරේදියි.