වීසා නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් අගෝස්තු 1 වන දා සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව වීසා නීති උල්ලංගණය කරමින් රැදී සිටින පුද්ගලයින් දඩ මුදල් අය කිරීමකින් තොරව නීත්‍යානුකූලභාවයට පත් කිරීම හෝ විගමන නීති උල්ලංගණය කළ පුද්ගලයින් සඳහා රටින් පිටවීමට අවස්ථාව ලබාදෙන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.