Gossips

උද්ඝෝෂණයක් නිසා කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගය කෝරළඉමෙන් අවහිර වෙයි

කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කෝරළේඉම මංසන්ධිය අවහිර කරමින් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරතවනවා.
ඒ, අදාළ මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින්.
අප වාර්තාකරු සඳහන් කළේ උද්ඝෝෂනය හේතුවෙන් කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බවයි.
විරෝධතාවයේ නිරත පිරිස පවසන්නේ මෙම මාර්ගයේ පිළිසකර කිරීම් සිදුකරමින් සිටියදී එය හදිසියේම නවතා දැමූ බවයි.