Gossips

විභාග ශාලා අවට දුරකථන සංඥා අක්‍රිය කිරීමට සැළසුම්

විභාග ශාලා සහ අවට පරිශ්‍රය තුළ ජංගම දුරකථන ඇතුලූ සන්නිවේදන ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය කිරීමේ ක්‍රමවේදයක් මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
විභාග කොමසාරිස් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ ඒ සඳහා යුද හමුදා සංඥා බලකායේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයද ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර ලබන මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට අදාළව අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට සැප්තැම්බර් මස පළවැනිදා දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් වනු ඇති.
එමෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අගෝස්තු මස පළවනදා සිට අගෝස්තු මස 5 දක්වා පන්ති පැවැත්වීම තහනම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
උපකාරක පන්ති පැවැත්වීමට අමතරව, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද ඒ අනුව තහනම් වනවා.