Gossips

ඉරිදා දිනයන්හි දහම් පාසල් අනිවාර්යයි

ආගමික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉරිදා දිනයන්හි සහ පෝය දිනයන්හි උපකාරක පන්ති පැවැත්වීම සීමා කරමින් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඉරිදා දිනවලදී දහම් පාසල් පැවැත්වීම අනිවාර්ය කිරීම සඳහා එළඹෙන සතියේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.