Gossips

විශේෂ මහාධිකරණයේ වැඩ කටයුතු අගෝස්තු මුල

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩු විභාග කිරීමේ කටයුතු අගෝස්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ඊට අදාළ අවසන් අදියරයේ කටයුතු එළඹෙන සතිය තුළ සිදුකිරීමට නියමිතයි.
මෙම විශේෂ මහාධිකරණයේ මුලින්ම විභාගවන නඩුවලට අදාළව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව අධි චෝදනා ගොනුකරනු ලැබුවා.
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ පාර්ලිමේන්තුවේදීද අවධානය යොමුකර ඇති අතර, එය පිහිටුවීමට බලාපොරොත්තුවන ගොඩනැගිල්ලේ වහලයේ පිළිසකර කිරීමක් හේතුවෙන් එම කටයුතු කල් යන බවටද ප්‍රකාශ වී තිබුණා.
කෙසේ වෙතත් පසුගියදා වාර්තාවූයේ අදාළ පිළිසකර කිරීම්වලින් පසු එම ගොඩනැගිල්ල අධිකරණ අමාත්‍යාංශය වෙත භාරදී ඇති බවයි.