Gossips

තේ අපනයනයෙන් රු.බිලියන 113.9 ක්

මේ වසරේ මුල් මාස 6 තුළ ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් රුපියල් බිලියන 113.9 ක් උපයා තිබෙනවා.
පසුගිය වසරේ ජනවාරි සිට ජූනි දක්වා එලෙස උපයන ලද ආදායම රුපියල් බිලියන 110.4 ක්.
කෙසේ නමුත් තේ අපනයන ආදායමෙහි ඩොලර් විනිමය අගය සැළකූ විට වසර දෙකේදීම මුල් මාස හයේ ආදායම සටහන් වන්නේ ඩොලර් මිලියන 729 කට ආසන්නවයි.
2017 වසරේ ජනවාරි සිට ජූනි දක්වා ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 138.6 ක් අපනයනය කළ අතර, මේ වසරේ එම කාලසීමාව තුළ අපනයනය කළ තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 137.5 ක්.
අපනයන තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය අගය මේ වසරේ මුල් අර්ධයේදී ඩොලර් 5 යි ශත 30 ක් වූ අතර, පසුගිය වර්ෂයේදී සටහන් වූයේ ඩොලර් 5.25 ක් ලෙසයි.
පළමු අර්ධයේදී ශ්‍රී ලංකාව චීනයට වාර්තාගත ලෙස තේ කිලෝග්‍රෑම් මිලියන 5.3 ක් අපනයනය කර තිබෙනවා.
පසුගිය වසරේදී එය සටහන් වූයේ කිලෝග්‍රෑම් මිලියන 4 ක් ලෙසයි.