Gossips

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමයි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත්තේ.
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු අභියෝගයට මුහුණදීමට සූදානම් බව දකුණු අප්‍රිකානු පුහුණුකරු ඩේල් බෙන්කන්ස්ටයින් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා නායකයා කියා සිටියේ ටෙස්ට් තරගාවලියේ ජයග්‍රාහී මානසිකත්වය එක්දින තරගාවලියේදීද ඉදිරියට ගෙන යාමට සූදානම් බවයි.