Gossips

බුලත්සිංහල කොල්ලයට සැකපිට වෑන් රථයේ රියදුරාත් අත්අඩංගුවට

ඒ.ටී.එම්. යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා මුදල් රැගෙන යමින් සිටියදී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව එම වෑන් රථයේ රියදුරාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෞද්ගලික සමාගමකට අයත් නිලධාරීන් පිරිසකට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මෙලෙස මුදල් පැහැරගෙන තිබූ අතර, ඊයේ පස්වරුවේ හොරණ පාර – නාරගල ප්‍රදේශයේදී මෙම කොල්ලකෑම සිදුවුණා.
කොල්ල කල්ලිය මුදල් සහිත මළු 12 ක් රැගෙන ගොස් ඇති අතර, තවත් මළු 7 ක් වෑන් රථයේ තිබී සොයාගෙන තිබෙනවා.
අදාළ වෑන් රථයේ පැමිණි ආරක්ෂක නිලධාරීයා කොල්ලකෑම සිදුවන අවස්ථාවේ කොල්ලකරුවන්ට මුදල් ලබාගත හැකි ආකාරයට ඔහුගේ ගිනි අවියද බැහැර කර තිබී ඇති බව සඳහන්.
ඒ අනුව ඔහුද මෙම කොල්ලකෑමට ආධාර අනුබලදීමට සැකපිට ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.