Gossips

නව ව්‍යවස්ථාවක් සම්පාදනයට හිටපු ජනපතිගේ සහයෝගය ඉල්ලූ බව විපක්ෂ නායක කියයි

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහයෝගය ඉල්ලා සිටි බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.
ත්‍රිකුණාමලයේ පිහිටි ඔහුගේ නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා සමඟ පැවති හමුවේදී තවත් දේශපාලන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.