Gossips

බීමත් මිතුරන් කණ්ඩලමේ වැවට දැමූ තරුණයෙකු මරුට

‍දඹුල්ල ප්‍රදේශයේ චාරිකාවකට පැමිණි කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයෙකු, බීමත් සිය මිතුරන් විසින් කණ්ඩලම වැවට දැමීම නිසා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
17 දෙනෙකුගෙන් යුත් මෙම පිරිස වැවේ දිය නෑම තහනම් කළ ස්ථානයක මත්පැන් පානය කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අනතුරුව, ඔවුන් එම ස්ථානයේ දියනෑමට උත්සාහ කර තිබෙනවා.
බීමතින් වැතිර සිටි මියගිය 21 හැවිරිදි තරුණයා සොයා පැමිණි ඔහුගේ මිතුරන් ඔහු ඔසවාගෙන ගොස් වැවට දමා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මෙම තරුණයා දියේ ගිලී මියගොස් ඇති බව ඔහුගේ මිතුරන් දැනගෙන ඇත්තේ බොහෝ වේලාවකට පසුවයි.
එම සිද්ධියෙන් පසුව අධික ලෙස බීමතින් සිටි ඉතිරි 16 දෙනා පොලිස් භාරයට ගෙන තිබුණා.