Gossips

අග්නිදිග උපකුලපති තෝරා ගැනීම උණුසුම් වේ

අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්දයෙන් පසු ගල්කිස්ස අධ්‍යයන වැඩසටහන් මධ්‍යස්ථානය අසලට රැස්වූ එම විශ්වවිද්‍යාලයේ සිසුන් ඊට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඊයේ පස්වරුවේ ඇතිවූ මෙම සිද්ධියෙන් පසු පොලිස් නිලධාරින් එහි පැමිණ තත්ත්වය සමතයකට පත් කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 17 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට සහ සිසුන් 7 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පාලනාධිකාරිය කටයුතු කර තිබුණා.
ඊට විරෝධය පළ කරමින් අදාළ ශිෂ්‍යයින් කොළඹ – ලිප්ටන් වටරවුම අසල පසුගිය 18 වනදා අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර, ඔවුන් කියා සිටියේ අදාළ සිසුන්ට ලබාදී ඇති ද`ඩුවම ඉවත් කරන ලෙසයි.
නව උපකුලපතිවරයා පත් කිරීමෙන් අනතුරුව සිසුන්ට ලබාදී ඇති දඩුවම් පිළිබදව සාකච්ඡාවක් ලබානොදීමට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය නියෝජිත යුක්ති සුරංග හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.